අපි සටන අත්හරින්නේ නෑ

කුමන මර්දන ක්‍රියාත්මක කළ ද සයිටම් විරෝධී සටන අත් නොහරින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

ඊයේ දිනයේ සයිටම් විරෝධී සිසු ජන පවුර සංවිධානය කළ විරෝධතාවයට එල්ල කල ප්‍රහාරය දැඩි පිළිකුලෙන් යුතුව හෙලා දකින බව එම සංගමය සඳහන් කළේය.

ඊයේ (11) පෙරවරුවේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගම් මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා මෙම අදහස් පළ කළේය.