තබ්බෝව අභය භූමියේ වෙඩි තැබීමක් – 02ක් මරුට

පුත්තලම – තබ්බෝව අභය භූමියට අයත් සියඹලෑව වැව් ඉස්මත්තේ වනාන්තරය තුළදී සිදුවී ඇති වෙඩි තැබීමකින් දෙදෙනෙකු මිය ගොස් ඇති බව කරුවලගස්වැව පොලීසිය කියයි.

අද (12) අලුයම 02.30 ට පමණ මෙම වෙඩි තැබීම සිදුවී ඇති අතර සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ කරුවලගස්වැව – සියඹලෑව පදිංචිව සිටි ජයලත් ආරච්චිලාගේ ලෙස්ලි රොෂාන් (අවු:18) සහ පියල් රත්නසිරි (අවු:31) නම් වූ
දෙදෙනෙකි.

සිව් දෙනෙකු ගෙන් යුත් කණ්ඩයමක් දැව කැපීම සදහා තබ්බෝව අභය භූමියට අයත් සියඹලෑව වැව් ඉස්සමත්තට ගොස් සිට ඇත.

එම අවස්ථාවේදී කිසියම් අයෙකු විසින් වෙඩි තැබීම සිදු කර පලා ගොස් ඇති බව පොලීසිය කියයි.

කරුවලගස්වැව පොලීසිය වැඩිදුර විමර්ශන කරගෙන යයි.