ළහිරු හා සුගතානන්ද හිමියෝ රිමාන්ඩ්

අධිකරණ නියෝග කඩකරමින් පසුගිය 10 වැනිදා කොළඹදී පෙළපාළියක් පැවැත්වීමේ චෝදනාව මත අන්තර්. විශ්වවිද්‍යාල භික්ෂු පෙරමුණේ සභාපති හිමි හා අන්තරේ කැඳවුම්කරු මේ මස 26 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ වෙනත් නඩුවක් වෙනුවෙන් පෙනී සිටීමට ගිය අවස්ථාවේදී මෙම දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කර ඇත.

මේ අනුව අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බලමණ්ඩලයේ සභාපති පූජ්‍ය ටැම්පිටියේ සුගතානන්ද හිමි හා අන්තරේ කැඳවුම්කරු ළහිරු වීරසේකර මහතා මෙලෙස රක්ෂිත බන්ධනගාර ගත කර තිබේ.