ඕන පිච් එකක බැට් කරන්න අපි සූදානම් – පොදුජන පෙරමුණ මැතිවරණයට නාමයෝජනා කැඳවයි

make-money-468x60-2

මැතිවරණය ඕනෑම ක්‍රමයකට තැබුවද ඉන් ජයග්‍රහණය කිරීමට සූදානම් බව බැසිල් රාජපක්ෂ මහතා පවසයි. අද (12) බත්තරමුල්ල නෙළුම් මාවත පිහිටි පොදුජන පෙරමුණ පක්ෂ කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා අදහස් දක්වන ලදී.

වත්මන් ආණ්ඩුව විසින් මේ වන විට සිදු කරමින් යන විනාශ කාරී වැඩපිළිවෙලට එරෙහිව පොදුජන පෙරමුණ ඉදිරි පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත්වී ජයග්‍රහණය කර රට සංවර්ධනය කරා ගෙන යෑමට සූදානම් බව ඒ මහතා වැඩිදුරටත් පවසා සිටි අතර, මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුතුව තවත් පක්ෂ ගණනාවක් සමග එක්වී ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයට තරඟ කිරීමට සූදානම් බව ප්‍රකාශ කරන ලදී.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා..

මැතිවරණය කුමන ක්‍රමයකට තැබුවත් අපි ඒකට ලෑස්තීයි. ඕන පිච් එකක බැට් කරන්න අපි ලෑස්තීයි. මේ වන විට ශ්‍රීලංකා නිදහස් පක්ෂයෙන් සියයට අසූපහකටත් වැඩි ප්‍රමාණයක් අපි සමග එක් වෙලා ඉන්නවා. ඒ වගේම එජාපයෙනුත්, ජවිපෙනුත් ජනතාව අපි සමග එකතුවෙලා ඉන්නවා.

මේ රටේ සිටින බුද්ධිමතුන්ට, තරුණ පිරිසට අපි ආරාධනා කරනවා පොදුජන පෙරමුණෙන් ඉදිරි මැතිවරණයට ඉදිරිපත්වෙන්න එන්න කියලා.

make-money-468x60-2