සීනි – සිමෙන්ති ආයෝජකයන්ට ජනපති ආරාධනා කරයි

make-money-468x60-2

සීනි සහ සිමෙන්ති කර්මාන්තවල ආයෝජනය සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පකිස්ථාන ආයෝජකයින්ට ආරාධනා කර තිබේ.

ශ්‍රී ලංකාව සහ පකිස්ථානය අතර ආර්ථික හා වෙළෙඳ සබඳතා තවදුරටත් වර්ධනය කරගැනීමේ අරමුණින් ජනාධිපතිවරයා එම ආරාධනය සිදුකළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

දෙරට අතර ද්වීපාර්ශවික දේශපාලන සාකච්ඡා සමුළුවේ පස්වන වටයට සහභාගීවීම සඳහා මෙරටට පැමිණ සිටින පකිස්ථාන විදේශ ලේකම් ටෙහ්මිනා ජන්ජුවා මහත්මිය අද පස්වරුවේ ජනාධිපතිවරයා හමුවුණි.

එහිදී ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

එහිදී අදහස් දැක්වූ පකිස්ථාන විදේශ ලේකම්වරිය පවසා ඇත්තේ ජීනිවා නුවර පැවති මානව හිමිකම් සමුළුවේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙනී සිටීමට තමන්ට ලැබුණු අවස්ථාව පිළිබඳ බෙහෙවින් සතුටට පත් වන බවයි.

ශ්‍රී ලංකාවේ සාමය, ස්ථාවරත්වය සහ සංවර්ධනය ඉහළ නැංවීමට පකිස්ථානයට දිය හැකි සෑම සහයෝගයක්ම ලබාදෙන බව ඇය එහිදී ජනාධිපතිවරයාට ප්‍රකාශ කර තිබේ.

මෙරට සත්ත්ව ගොවිපල සහ කිරි නිෂ්පාදනය සඳහා ආධාර ලබාදීමට ද පකිස්ථානය ඉදිරියේ දී අපේක්ෂා කරන බව පකිස්ථාන විදේශ ලේකම්වරිය වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත

make-money-468x60-2