යෝධ තල්මසෙක් කල්පිටිය වෙරළට

make-money-468x60-2

කල්පිටිය කන්දකුලිය මුහුදු තීරයට අඩි 60ක් පමණ දිගැති යෝධ තල්මස් සිරුරක් ගොඩ ගසා තිබිණි.

Spaem well නමින් හඳුන්වනු ලබන මෙම දැවැන්තයාගේ සිරුරේ බාහිර තුවාල නොවී ය. ඉතා ආසන්න මොහොතක මරණය සිදුවී ඇති ලකුණු දිස් විය.

මෙම තල්මස දේහය පිළිබදව අදහස් දැක්වූ,ධීවර ව්‍යාපාරිකයෙකුවූ සුගත්එ මානුවෙල් මහතා පැවසුවේ එදින පෙරවරුවේ මෙම තල්මස් සිරුර වෙරළේ සිට කිලෝ මීටරයක් පමණ දියඹ මුහුදේ පාවෙමින් පැවැති බවය.

තල්මස් සිරුර ගොඩට ගැනීමට කල්පිටිය පොලිස් ස්ථානාධිපති ලක්ෂ්මන් රංවල්ආරච්චි මහතාගේ මෙහෙයවීමෙන් විශාල පරිශ්‍රමයක් දරණ ලද අතර ප්‍රදේශවාසීහු 300කට ආසන්න පිරිසක් එක්ව බැකෝවක ආධාරයෙන් එය ගොඩට ගනු ලැබූහ.

make-money-468x60-2