කෝටි 2 ක ගංජා තොගයක් වත්තලින්

make-money-468x60-2

රුපියල් කෝටි 2කට අධික වටිනාකමකින් යුත් කේරල ගංජා තොගයක් අත්අඩංගුවට ගැනීමට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය ඊයේ සමත්වුණා.පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් වත්තල ප්‍රදේශයේ ඊයේ දිනයේ සිදුකළ වැටලීමකදීයි මෙම කේරල ගංජා තොගය සොයා ගැනුණේ. මෙහිදී කේරල ගංජා කිලෝ 137කට වැඩි ප්‍රමාණයක් සොයාගත් අතර සැකකරුවන් දෙදෙනෙකු සහ වෑන් රථයක් ද අත්අඩංගුවට ගැණුනා. අත්අඩංගුවට ගැණුනු සැකකරුවන් තලෙයිමන්නාරම සහ වැල්ලම්පිටිය යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලීසිය සඳහන් කරන්නේ.

make-money-468x60-2