මුලතිව් මුහුදේ තරුණයින් දෙදෙනෙකු අතුරුදහන්

make-money-468x60-2

මුලතිව්, මුහුදේ දිය නෑමට ගිය තරුණයින් දෙදෙනෙකු මුලතිව් මුහුදේ ගිලී අතුරුදහන්ව ඇති බවට වාර්තා වේ.

දීපවාලි නිවාඩුව වෙනුවෙන් මුලතිව් මුහුදේ දිය නෑමට ගිය තරුණයින් සිව් දෙනෙකු අතරින් දෙදෙනෙකු දියේ ගිලී මෙලෙස අතුරුදහන්ව ඇති අතර අනෙක් තරුණයින් දෙදෙනා බේරා ගැනීමට සමත්ව ඇත.

මුලතිව් ප‍්‍රදේශයේ පදිංචි 18 හැවිරිදි තරුණයින් දෙදෙනෙකු මෙලෙස අතුරුදහන්ව ඇති බව සඳහන් වෙයි.

අතුරුදහන් වු තරුණයින් සොයා නාවික හමුදාව, පොලීසිය හා ප‍්‍රදේශවාසීන් පරීක්ෂණ ආරම්භ කොට ඇති බවටද වාර්තා වේ.
අදාළ ස්ථානයට විශාල පිරිසක් එක්ව සිටින බවද සඳහන් වෙයි.

make-money-468x60-2