බැඳුම්කරේ නිසා මහින්ද අමරවීර ඇමතිකම අත්හරී ?

make-money-468x60-2

අනුරාධපුර බන්ධනාගාරයේ උපවාසයක නිරත හිටපු එල්.ටි.ටි.ඊ. සාමාජික රැදවියන් තිදෙනා යහපත් සෞඛ්‍ය තත්ත්වයක පසුවන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

අදාළ රැදවියන් අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔවුන් යහපත් සෞඛ්‍ය තත්ත්වයේ පසුවන බව දැනුම් දී ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක තුෂාර උපුල්දෙණිය මහතා සඳහන් කළේය.

ඒ පිළිබඳ වෛද්‍ය වාර්තා ඉදිරි දිනකදී අධිකරණයට ඉදිරිපත් කරන බව ද බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.

අදාළ රැදවියන්ට එරෙහිව වව්නියාව අධිකරණයේ විභාග වු නඩු පසුගියදා අනුරාධපුර අධිකරණය වෙත යොමුකිරීමත් සමග එම රැදවියන් ද අනුරාධපුර බන්ධනාගාරය මාරු කර තිබුණි.

ඊට විරෝධය පල කරමින් එම රැදවියන් තිදෙනා පසුගිය මස 25 වැනිදා සිට ආහාර වර්ජනය කරමින් උපවාසයක නිරත වු බව වාර්තා වෙයි.

make-money-468x60-2