ඔස්ට්‍රේලියානු ජිහාඩ් ත්‍රස්ත ප්‍රහාර සැලසුමක් ව්‍යර්ථ වේ

make-money-468x60-2

ඔස්ට්‍රේලියාවේ, මෙල්බර්න් නුවර නව අවුරුදු උදාව සැමරෙන රාත්‍රියේදී ත්‍රස්ත ප්‍රහාරයක් සිදුකිරීමට සැලසුම් කළ 20 හැවිරිදි ජිහාඩ් අන්තවාදියෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ස්වයංක්‍රීය ගිනි අවියක් යොදාගෙන නව අවුරුදු උදාව සැමරීමට සූදානමින් සිටි පිරිස් වෙත විවෘත වෙඩි තැබීමක් සිදුකිරීමට මොහු සැලසුම් කර ඇති අතර, ත්‍රස්තවාදී ක්‍රියාවකට සම්බන්ධවීමේ චෝදනා මත ඔහුට එරෙහිව උපරිම දඬුවම් ලෙස ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම වනු ඇති බව කියැවෙයි.

සොමාලියාවේ සිට ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වූ දෙමාපිය යුවළකට දාව උපන් මොහු පසුගිය ජනවාරි මාසයේ සිටම ඔස්ට්‍රේලියානු බුද්ධි අංශවල උකුසු ඇසට නතුවූවෙකු බව සඳහන් වේ.

අල්-කයිඩා ත්‍රස්තවාදීන් සමග අන්තර්ජාලය හරහා ගනුදෙනු කර ඇති මොහු, ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තවාදී පිළිබඳවද අනුකම්පා සහගතව කටයුතු කර ඇති පුද්ගලයෙකු බව අනාවරණය කරගෙන තිබේ.

මොහු ජිහාඩ් අන්තවාදීන් සමග සමීප ඇසුරක් පැවැතැවූවෙකුට වඩා හුදකලා ත්‍රස්තවාදියෙකු ලෙස කටයුතු කළ අයෙකු බව ඔස්ට්‍රෙලියානු බුද්ධි අංශ වැඩිදුරටත් අනාවරණය කරයි.

make-money-468x60-2