ද.කොරියාවේ බෝට්ටු අනතුරකින් 13ක් නසී

make-money-468x60-2

දකුණු කොරියාවේ මගී ප්‍රවාහනය කළ ධීවර බෝට්ටුවක් හා ටොන් 336ක් පමණ බර ඉන්ධන පිරවුම් නෞකාවක් එකිනෙක ගැටීම හේතුවෙන් ධීවර බෝට්ටුවේ ගමන් කළ පුද්ගලයන් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

දකුණු කොරියානු වෙරළාරක්ෂක නිලධාරීන්ට අනුව තවත් පුද්ගලයන් දෙදෙනෙකු අතුරුදන්ව ඇති අතර, සෝදිසි හා මුදාගැනීමේ මෙහෙයුම් තවදුරටත් සිදුවෙයි.

මෙම අනතුර සිදුවන අවස්ථාවේදී මෙම බෝට්ටුවේ පුද්ගලයන් 22 දෙනෙකු ගමන් කර ඇති අතර, ඒ අතර බෝට්ටුවේ කාර්ය මණ්ඩලයේ සිටි දෙදෙනා හැරුණු විට අන් සියලු දෙනා මගීන් ලෙස එහි ගමන් කළ පිරිසයි.

කෙසේ වෙතත්, මෙම අනතුරින් ඉන්ධන ප්‍රවාහන නෞකාවේ කිසිවෙකුටවත් හානියක් සිදුව නොමැති අතර, අතුරුදන් පුද්ගලයන් අතර ධීවර බෝට්ටුවේ කපිතාන් ලෙස කටයුතු කළ තැනැත්තාද වෙයි.

make-money-468x60-2