තෙවැනි තරගය ජය පරාජයෙන් තොරයි

make-money-468x60-2

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සත්කාරක ඉන්දිය කණ්ඩායම අතර නව දිල්ලි නුවර ෆේරොෂ් ෂා කොට්ලා ක්‍රීඩාංගණයේ පැවැති තෙවැනි ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය.

ලකුණු 410ක දැවැන්ත ඉලක්කයක් හඹා යමින් සිටි ශ්‍රි ලංකා කණ්ඩායම පස්වැනි දිනයට තරගය නිමා කරන විට  කඩුලු පහකට ලකුණු 299 රැස්කරගෙන සිටියේය.

තරගය ජය පරාජයෙන් තොරව අවසන් කර ගැනීම වෙනුවෙන් ධනංජයද සිල්වා ශතකයක් මෙන්ම රොෂේන් සිල්වා අර්ධ ශතකයක් රැස්කිරීමට සමත්විය.

කෙසේ වෙතත් ටෙස්ට් තරගාවලිය 1-0ක් ලෙස ඉන්දියාව පෙරමුණ ගනිමින් නිමා කළේය. පළමු ටෙස්ට් තරගය හා තෙවැනි ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරව අවසන් වූ අතර දෙවැනි ටෙස්ට් තරගය ඉන්දියාව ජයග්‍රහණය කළේය.

නිරෝෂන් දික්වැල්ලද නොදැවී ලකුණු 44ක් රැස්කළේය.

make-money-468x60-2