තාක්ෂණය දියුණු වුවත් ස්වභාවික අභියෝග පාලන කළ නොහැකියි

make-money-468x60-2

තාක්ෂණය කොපමණ දියුණු වුවත් ස්වභාවධර්මයාගෙන් ඇතිවන අභියෝග පාලන කළ නොහැකි යැයි" ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

පොළොන්නරුවේ ඉදිකිරීමට යෝජිත ජාතික වෘක්කවේද විශේෂිත රෝහල සඳහා මුල්ගල් තැබීමේ අවස්ථාවට ඊයේ (06දා) එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව පවසා සිටියේය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා මහජන චීන සමූහ ආණ්ඩුවේ ශ්‍රී ලංකා තානාපති යී.සියංලියාන්ග් මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙය පැවැත්වුණි. මෙය දකුණු ආසියාවේ විශාලම වකුගඩු රෝහලද වෙයි.

මෙම රෝහල අපිට චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබෙන අතර ඒ සඳහා ඔවුන් වැය කිරීමට අපෙක්ෂිත මුදල රුපියල් මිලියන දොළොස් දහසක් පමණ වෙයි.

 "කවුරු හරි කියනවා නම් පොළොන්නරුවට මේ ආණ්ඩුව මොනවද කළේ කියලා එසේ අහන කෙනාගේ මොළේ අමාරුවක් ඇති. මේ වෙන කොට ඒ  වෙනස පැහැදිලිව දකින්න තියෙනවා.

රටක් සංවර්ධනය කිරීමේදී බොහෝ අභියෝග මෙන්ම ආර්ථික ප්‍රශ්නවලට මුහුණදීමට සිදුවෙනවා. ඒවා ජාත්‍යන්තර ප්‍රශ්න වෙන්න පුළුවන්. වෙනත් විවිධ බාධා හා ගැටලු වෙන්න පුළුවන්. ඒ සියල්ල ජයග්‍රහණය කර අනාගතය වෙනුවෙනු වූ වැඩපිළිවෙළ අපි සකස් කර තිබෙනවා.

ස්වභාව ධර්මයා සමග සටන් කිරීම තමයි මිනිසුන්ගේ පළමුවන කාර්යවුණේ. වනචාරී හා  ගල් යුගවලදී මිනිසුන් තමන්ට ජීවත් වෙන්න, ආහාර සොයා ගන්න, තමන්ට අවශ්‍ය සෞඛ්‍ය පහසුකම් සපයා ගන්න ස්වභාවධර්මයා සමග සටන් කරනු ලැබුවා. ඒ සටන්වල ප්‍රතිඵල ලෙස තමයි අද වනවිට තාක්‍ෂණිකව දියුණු ලෝකයත්  සමග තමුන්නාන්සේලා, අපි ජීවත්වෙන්නේ.

තාක්ෂණය හුදෙක් ශන්තිමත් වුණත්, අද තාක්ෂණය කොච්චර දියුණු වුණත් ස්වභාවධර්මයාගෙන් ඇති වන අභියෝග පාලනය කළ නොහැකි අවස්ථා තිබෙනවා." යැයි ද පවසා සිටියේය.

make-money-468x60-2