ශ්‍රීලනිපයෙන් වෙන්වී තරගකළ පිරිස් කිසි දිනක ජයග්‍රහණය කළේ නැහැ

make-money-468x60-2

ශ්‍රීලනිපයෙන් ඉතිහාසයේ ද කැඩී වෙන්ව තරග කළ කණ්ඩායම් සිටි අතර එම පිරිස් කිසි දිනක ජයග්‍රහණය. නොකළ බවත් පොදු සතුරා පරාජය කිරීමට නම් අවසන් මොහොතේ හෝ ශ්‍රීලනිපයේ බෙදී සිටින අය එක්විය යුතු බවත් කඩුවෙල හිටපු නගරාධිපති ජී එච් බුද්ධදාස මහතා පැවසීය.

ක‍ඩුවෙල ශ්‍රි ලංකා නිදහස් පක්ෂ කාර්යාලයේ දී ඊයේ (06) පැවැති විශේෂ මාධය හමුවේදී බුද්ධදාස මහතා එම අදහස් පළ කෙළේ ය.

එහිදී හෙතෙම මෙසේ ද කීය.

බෙදී වෙන්ව කටයුතු කිරීමේ පොදු සතුරාට බලය අත්වන බව අප ඉතිහාසයේ සිටම අත්දැක තිබෙනවා‍ . විමල් වීරවංශ මහතා අද කරන්නෙ පොදු සතුරාට බලය ලබාදීමේ කොන්ත්‍රාත්තුව. වර්මානය වන ජාතික නිදහස් පෙරමුණේ ඉතිරිව සිටින්නේ විමල් වීරවංශ මහතාත් ඔහුගේ බිරියත් පමණයි. එම පක්ෂයේ නියෝජ්‍ය නායක, ලේකම්වරයා හා ජාතික සංවිධායක යන කණ්ඩායමම අද එහි නැහැ. අනෙක් පිරිසත් වැඩි දිනක් යාමට පෙර පක්ෂයෙන් ඉවත් වේවි.

විමල්ට අවශ්‍ය වී තිබෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැති කිරීමටයි. ඒ කොන්ත්‍රාත්තුව ඔහු අරගෙන තිබෙන්නේ.

මා විමල්ට අභියෝග කරනවා හැකි නම් මා තරඟකරන කොට්ඨාසයට පැමිණ තරඟකර ජය ගෙන පෙන්වන ලෙස. මේ අය යථාර්ථය අවබෝධකරගත යුතුයි.

පසුගිය ජනාධිපතිවර‍ණයේ දී මහින්ද රාජපක්ෂ මහතාට වැඩකළ අය වර්තමානයේ පොහොට්ටුවේ සිටින්නෙ. අද දෙකට බෙදී පොහොට්ටුව සූදානම් වෙන්නෙ එදා මැතිවරණය කළ අයට අන්ත පරාජයක් හිමිකර දෙන්න. විමල් වීරවංශ , මහින්ද මහත්තයගේ සිරුරේ කූඩැල්ලෙක් ලෙස එල්ලී සිටිනවා. කූඬැල්ලා ලේ බී අවසන් වුනාම වැටෙන තැන සොයාගන්න නොහැකි ලෙස විමල්ටත් වෙන්නෙ කුමක්ද කියා බෙදී මැතිවරණයට ඉදිරිපත් වුනොත් තේරුම් ගැනීමට හැකි වේවි.

මහින්ද මහතා කියන ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්ති තිබෙන්නේ ඔහු ළඟලු. පසුගිය කාලයේ ශ්‍රීලනිපය පිහිට වූ බණ්ඩාරනායක මහතා හෝ සිරිමාවෝ මැතිනිය පිළිබඳ මහින්ද රාජපක්ෂ ජනාධිපති ලෙස සහභාගි වූ උත්සව වලදීවත් සිහි කැඳවීම් නිසි ලෙස කළේ නැහැ. ඔහු කළේ බණ්ඩාරනායක නාමය අමතක කර ශ්‍රීලනිපය රාජපක්ෂ නාමය ස්ථාපිත කිරීමක්. ඔහුට ශ්‍රීලනිපයක් අවශ්‍ය නැහැ. රාජපක්ෂ කණ්ඩායම ඉදිරියට ගෙන ඒමටයි අවශ්‍ය වුණේ.

මහින්ද රාජපක්ෂ මහතාගේ පියාත් එජාපයේ සිටි ආ කෙනෙක් මහින්ද මහතාත් එජාපය සමඟ සිටියා.

මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිව සිටියදී ජනාධිපතිවරණය පැවැත්වීමට තීරණය ගැනීමට පෙර කණ්ඩායම එක්ව ආප්ප කෑ අවස්ථාවේ වර්තමාන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එවකට ශ්‍රීලනිප පක්ෂ ලේකම් ලෙස සිටියදී ජනාධිපතිවරණය එම අවස්ථාවේ තියන්න එපා කියා ඉල්ලා සිටියත් තනි කැමැත්තට මහින්ද මහතා එය පැවැත්වීමට තීරණය කළා .නමුත් අද කියනවා තම කණ්ඩායමෙන් නොඅසා කටයුතු කරන්න නොහැකි බව . එක් එක් කාලයට ප්‍රතිපත්ති වෙනස් කිරීමේ ප්‍රතිඵලය එතුමාට මෙවර ඡන්ද‍යෙන් පසු තේරුම් යාවි.

පො‍හොට්ටුව දිස්ත්‍රික් ගණනාවක ඇප බැඳ අවසන් බව සඳහන් කර තිබෙනවා. ඒ අයට පළාත් පාලන මැතිවරණයෙන් පසු සැබෑ ඩීල් කාරයෝ කවුද , කොන්ත්‍රාත්තුව කුමක් සඳහා ද යන්න තේරම් ගැනීමට හැකි වේවි. 2020 දී මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ ජයග්‍රහණය ආපසු හැරවීමටයි මේ අය උත්සහ කරන්නෙ. බෙදී වෙන් වී ජයගත් මැතිවරණ ඉතිහාසයේ නැහැ. ශ්‍රීලනිපයෙනුත්, එජාපයෙනුත් ඉතිහාසයේ වරින් වර කැඩී වෙන්ව කණ්ඩායම් තරඟ කළ අවස්ථා තිබුණත් ඒ කිසිවෙක් ජය ගත්තේ නැහැ. නැවත ප්‍රධාන පක්ෂයට එක්වීමට සිදු වුණා.

අවසන් මොහොතේ හෝ ශ්‍රීලනිපයේ බෙදී සිටින අය එක්ව පොදු සතුරා පරාජය කිරීටම එක් විය යුතුයැයි මා යෝජනා කරනවා.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා වුවත් නිහතමානීව බෙදුණු අයට එක්විම සඳහා දෑත් දිගු කළත් ඒ අය එකඟත්වය පළ කිරීම ප්‍රතික්ෂේප කරනවා. බෙදී වෙන් වුනොත් සියලු දෙනා පරාජයට පත් වන බව අවබෝධකර ගත යුතුයි.

කෙසේ වුවත් කඩුවෙල ආසනය මා ආරක්ෂාකර ගන්නවා. එහි ජයග්‍රහණය ශ්‍රීලනිපය අනිවාර්යයෙන්ම ලබනවා. මේ ප්‍රදේශයේ කුමන ආසනය ලැබුණත් මට ගැටලුවක් නැහැ. ජනතාව සිටින්නේ මා සමඟයි. පසුගිය මහ මැතිවරණයේ දි මා ඉවත්කර කටයුතු කළ නිසයි වැඩි ඡන්ද අවම වුනේ.

මෙහිදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් බුද්ධදාස මහතා මෙසේ ද කීය.

බෙදී වෙන්වී සිටින ඒකාබද්ධයේ වාමාංශික නායකයන්ට මේ පාපකර්මය පෙනෙන්නේ නැතිවීමයි ගැටලුව. විමල් කරන්නේ පොදු සතුරා ජයග්‍රහණය කරවීමේ කොන්ත්‍රාත්තුවක් . ශ්‍රී ලනිපය ප්‍රගතිශීලී කඳවුරක්. ඒ අනුව තනිව වෙන්ව තරඟ අවස්ථාවල පරාජය අත් වුණේ. වාමාංශික ඡන්ද දෙකට කැඩුණු විට කුමක්ද වෙන්නේ කියා පැහැදිලි කිරීම අවශ්‍ය නැහැ. විමල් මහින්ද රාජපක්ෂ යුගයේ ප්‍රබල ඇමතිවරයෙක්ව සිටියදී ඔහුගේ ගෝලයෙක් මා සමඟ තරඟයට දමා සිටියත් මාව පරාජය කිරීමට නොහැකි වුණා. අදත් හෙටත් එසේම මාව පරාජය කරන්න ඔහුට බැහැ. අද මේ ගෝලයාට ඔහුගේ ගමෙන්වත් ඒමට නොහැකි වී තිබෙනවා . ඒ අනුව ලිස්ට් එකෙන් දාන්නයි තීරණය වී තිබෙන්නේ. එසේ නම් විමල්ගේ බලය කුමක්ද? ඉදිරි මැතිවරණ ජයගත නොහැකි බව මෙයින්ම තහවුරු වෙනවා. විමල්ට ශක්තියක් තිබේ නම් බුද්ධදාස සමඟ තරඟට එන්න යැයි මා නැවත නැවතත් අභියෝග කරනවා.

විමල් වීරවංශ අවසානයේ අනාථ වෙනවා. විමල් වීරවංශ ශ්‍රීලනිපය කඩා දැමීමේ කොන්ත්‍රාත්තුවක් ඉ‍ටුකරමින් සිටින්නෙ. විමල් ශ්‍රීලනිපය ප්‍රමුඛ සන්ධානයට එක්වීමට ඉ‍ඩ දෙන්නෙ නැහැ. ඔහුයි එයට ඉඩ නොදි මහින්ද රාජපක්ෂ මහතාගේ ඇඟේ එල්ලී සිටින්නෙ. විමල් මේ කොන්ත්‍රාත්තුව සිදුකර අවසානයේ එක්කෝ නැතිවෙලා යාවි . නැතිනම් එජාපටය එක්වේවි.

හෝමාගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ඒ. ඩී. කුමාරසිංහ මහතා –

ශ්‍රීලනිප සභාපති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් අපේ ආසනයේ ලැයිස්තු සකසා මේවන විටත් පක්ෂ මූලස්ථානයට බාරදී අවසන්.

මේ වන විට ශ්‍රීලනිපය සමඟ තරඟ කිරීමට සිටින අයගෙන් 35%ක් පමණ පිරිසක් පමණයි හිටපු කණ්ඩායමේ ඉන්නේ. අනෙක් අය පො‍‍හොට්ටුව සමඟ හිටපු ජනාධිපති ළඟ. මේ අය කියනවා එක්වෙමු කියා. නමුත් නායකත්වය එයට සුදානම් නැහැ. ඒ නියෝජිතයන් දන්නවා වෙන්ව කටයුතු කළොත් පරාජය වීමට සිදුවන බව. ඒ අයගෙන් සියයට පහක් වත් ජය නොගන්නා බව දන්නවා.

අප සමඟ හොඳ තරුණ පිරිසක් සිටිනවා. ඒ අනුව අපේ ජයග්‍රහණය සඳහා ගැටලුවක් ඇතිවන්නේ නැහැ. වෙන් වු නායකයො තේරුම්ගත යුතුයි තමන් වෙනුවෙන් සිටින මිනිසුන් පරාජය වීම වළකා ගන්න. දැන්ම තීරණයක් නොගත්තොත් පොහොට්ටුව මේ මැතිවරණයෙන් පසු වසන් වේවි.

කොළඹ දිස්ත්‍රික්කයේ ශ්‍රීලනිපයේ සියලු දෙනා සිටින්නේ මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ. පක්ෂය කොතන ද එතැනයි පාක්ෂිකයා සිටින්නේ. රැළිවලට ජනතාව ආවට ජයග්‍රහණය එතැන කියා සිතීම වැරදියි. එසේ වෙනවා පසුගිය ජනාධිපතිවරණ අවස්ථාවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ රැළිවලට කොතරම් සෙනඟ සිටියා ද නමුත් ජයගත්තේ කිසිවක් නොතිබුණු මෛත්‍රීපාල මහතා. නියම පාක්ෂිකයා නිවසට වී බලා සිට ක්‍රියාත්මක වෙන්නේ. ගමේ මිනිස්සු වෙලාවට සුදුසු පුද්ගලායට ඡන්දය දීමට කටයුතු කරාවි. ශ්‍රීලනිපය ජයගන්න නම් අනිවාර්යයෙන්ම සමඟිය අවශ්‍යයි. බෙදී වෙන්වීමෙන් සිදුකර ගන්නෙ පාපකර්මයක්. මේ අය පක්ෂය විනාශකරන්යි හදන්නෙ ශ්‍රීලනිපය දිනවන්න එකතුවෙන්න කියා වාමාංශික කණ්ඩායමට අප ඉල්ලීමක් කරනවා.

make-money-468x60-2