දළ පූට්‌ටුවාගේ මාරයෝ පෝරකයට යවන්න – සජිත් වනජීවි ඇමැතිගෙන් ඉල්ලයි

make-money-468x60-2

වනජීවි ආඥ පනත වෙනස්‌ කර හෝ ‘දළ පූට්‌ටුවා’ ඝාතනය කළ පුද්ගලයින්ට මරණීය දණ්‌ඩනය ලබා දෙන ලෙස. තමා වනජීවි ඇමැති ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතාගෙන් ඉල්ලා සිටින බව නිවාස හා ඉදිකිරීම් ඇමැති සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. ඇමැතිවරයා මේ බැව් පැවසුවේ ඊයේ (06 වැනිදා) සිය අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදීය. එහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ ඇමැතිවරයා මෙසේද කීවේය.

දැන් තිබෙන නීති රීතිවලට අනුව අලි ඇතුන් මරණ පුද්ගලයන්ට හිමිවන්නේ කෙටි සිරදඬුවමක්‌ හා පොඩි දඩයක්‌. ඒ නිසා යළි නිදහස්‌වී නැවත එම වරදම කිරීමට ජාවාරම්කරුවන් පෙළෙඹෙනවා.

වනජීවි ආඥා පනත වෙනස්‌ කරන ලෙස මා මීට පෙර ඊට අදාළ නිලධාරීන්ට දැනුම් දුන්නා. එවිට ඔවුන්ගේ පිළිතුර වූයේ පවතින නීති රීති වෙනස්‌ කළහොත් ඒවා තවත් ලිහිල් කරන ලෙස මහජන නියෝජිතයන් ඉල්ලා සිටින බවයි.

මේ නිසා ජාවාරම්කරුවන්ට බිලිවෙන අලි ඇතුන් බේරාගැනීමට දළපූට්‌ටුවාගේ ඝාතකයින්ට මරණීය දණ්‌ඩනය ලබාදී ඉදිරියට අලි ඇතුන් මරණයෙන් මුදා ගැනීමට රජය පියවර ගත යුතුයි.

එසේම ඉතා ඉක්‌මණින් ශ්‍රී ලංකාවේ අලි සංගණනයක්‌ හා ඇත් ආරක්‌ෂක බළකායක්‌ පිහිටුවීමට පියවර ද ගත යුතුයි.

make-money-468x60-2