අඩු පීඩන තත්ත්වයේ බලපෑම අද තවත් අඩුවෙයි – ඒත්…මුහුදු ගමන් අවදානම්

make-money-468x60-2

නිරිත දිග බෙංගාල බොක්‌ක ප්‍රදේශයේ පැවති අඩු පීඩන තත්ත්වය ශ්‍රී ලංකාවෙන් ඉවතට ගමන් කරමින් පවතින නිසා අද (07 දා) වන විට එහි බලපෑම තවත් අඩුවනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඊයේ (06 දා) දහවල් වන විට අඩු පීඩන තත්ත්වය ත්‍රිකුණාමලයට කිලෝමීටර් 850 ක්‌ පමණ ඊසාන දෙසින් පැවති අතර අද වන විට එය බෙංගාල බොක්‌ක මුහුදු ප්‍රදේශයේ උතුරට බරව වයඹ දෙසට ගමන් කරනු ඇතැයි අපේක්‌ෂා කර තිබුණි.

මෙම තත්ත්වය හේතුවෙන් දිවයිනේ ඊසානදිග සහ නැගෙනහිර වෙරළට කිලෝමීටර් 300 ක පමණ වන මුහුදු ප්‍රදේශවල සුළං වේගය පැයට කිලෝමීටර් 80 – 100 දක්‌වා වැඩිවිය හැකි නිසා එම මුහුදු ප්‍රදේශ ඉතා රළුවිය හැකි වේ.

මේ හේතුවෙන් මුහුදු ගමන් වලින් වළකින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවරයන්ගෙන් ඉල්ලා සිටී. එමෙන්ම තද වැසි ඇතිවිය හැකි බව ද පවසයි.

හම්බන්තොට සිට ත්‍රිකුණාමලය හරහා කන්කසන්තුරය දක්‌වා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටෙක පැයට කිලෝමීටර් 50 – 60 දක්‌වා වැඩිවිය හැකි බවත් එම අවස්‌ථාවල මුහුද රළු විය හැකි බවත් එම දෙපාර්තමේන්තුව කියා සිටී.

make-money-468x60-2