විසඳුම් ලැබෙන තෙක්දුම්රිය වර්ජනය දිගටම?

make-money-468x60-2

බඳවා ගැනීමේ පටිපාටිය උල්ලංඝනය කරමින් දුම්රිය රියදුරු සහායකයන් බඳවා ගැනීම නවතාදමන ලෙස ඉල්ලා ඊයේ (06දා) මධ්‍යම රාත්‍රී 12.00ට ආරම්භකළ වැඩවර්ජනය විසඳුමක් ලැබෙන තෙක් ක්‍රියාත්මක කරන බව දුම්රිය රියදුරන්ගේ සංගමය සඳහන් කරයි.

බඳවා ගැනීමේ පටිපාටිය උල්ලංඝනය කරමින් රියදුරු සහායකයන් බඳවා ගැනීමට අවශ්‍ය  කටයුතු කර තිබෙන බවද එම සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ මහතා සඳහන් කළේය.

අදාළ ගැටලුවට විසඳුම් ලැබෙනතෙක් සේවයට වාර්තා කිරීමෙන් වැළකී සිටින බවද හෙතෙම පවසා සිටියේය.

make-money-468x60-2