එජාපෙ තනිවම තරගයට

make-money-468x60-2

එළැඹෙන පළාත් පාලන මැතිවරණය සඳහා තනි පක්ෂයක් ලෙස එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ එක්සත් ජාතික. පෙරමුණ දිවයිනේ සියලුම පළාත් පාලන ආයතන වෙනුවෙන් ලබන සතියේදී ඇප මුදල් තැන්පත් කරන බව පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.
පළාත් පාලන ආයතන සඳහා තනි දේශපාලන පක්ෂයක් මෙසේ තරග කරනු ලබන්නේ ඉතිහාසයේ ප්‍රථම වතාවට වන අතර මෙම පක්ෂය තරග වදින්නේද අලියා ලකුණ යටතේය.
මහ නගර සභා, නගර සභා හා ප්‍රාදේශීය සභා මැතිවරණය සඳහා රජයේ හවුල්කාර පක්ෂ හා එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණ මේ වන විට තම අපේක්ෂකයන්ගේ නම් සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය වෙත යොමු කර ඇති අතර හවුල්කාර පක්ෂ සඳහා දෙන නාම යෝජනා කෝටාව තීරණය කරනු ලබන්නේ අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වෙන ජාතික නාම යෝජනා මණ්ඩලයේදීය.
අලියා ලකුණ යටතේ පළාත් පාලන මැතිවරණයට තරග කිරීම සඳහා ප්‍රබල පක්ෂ රැසක් අපේක්ෂිත ලැයිස්තු ඉදිරිපත් කර ඇති බැවින් අදාළ පක්ෂවලට වෙන් කරන නාම යෝජනා පිළිබඳ කෝටාව තීරණය වූ විගස ඇප මුදල් තැන්පත් කිරීම සිදු කරන බව එක්සත් ජාතික සන්නිවේදන බලකා අධ්‍යක්ෂ ජනරාල් සුදත් චන්ද්‍රසේකර මහා පැවැසීය.

make-money-468x60-2