තීරණාත්මක සාකච්ඡාවට විමල් නැතිලූ! පුංචි ඡන්දයට තරග වදින හැටි පවසන මහින්ද කියයි

make-money-468x60-2

ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන පක්‍ෂ නායකයින් ගත් තීරණයක් අනුව තනිව තරග කිරීමට තීරණය කළ බව. හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසනවා. ඒ අනුව පොදුජන පෙරමුණ යටතේ ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී තරග වැදීමටයි තීරණය කර ඇත්තේ.

එක්සත් ජාතික පක්ෂය සමග හවුලේ ආණ්ඩු කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග එක්ව පළාත් පාලන මැතිවරණයට තරග කළහොත්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණද ඊට හවුල් වීමක් බව පක්ෂයේ බහුතරමතය බව රාජපක්ෂ මහතා මෙහිදී පැවසුවා. මෙම තීරණාත්මක සාකච්ඡාවට ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ප්‍රධාන පක්ෂ සියල්ලේම පාහේ නායකයින් සහභාගී වුවද විමල් වීරවංශ මන්ත්‍රීවරයා සහභාගී නොවූ බව පවසන රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් 38ක් ඊට සහභාගී වූ බවද පැවසුවා.

වත්මන් ජාතික ආණ්ඩුවේ ජනතා විරෝධී කි‍්‍රයාවන්ට ඒකාබද්ධ විපක්‍ෂය කිසිදා සහාය ලබානොදෙන බවයි මෙහිදී හිටපු ජනාධිපතිවරයා අවධාරණය කළේ.

make-money-468x60-2