දළපූට්ටුවා ඝාතන පැමිණිල්ල මෙහෙයවීමට නීතිපති ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් යොදවයි

make-money-468x60-2

ගජමුතු ලබාගැනීමේ අදහසින් ගල්ගමුවේ දළපූට්ටුවාට වෙඩිතබා මරා දැමීමේ සිද්ධියට අදාළ පැමිණිල්ල මෙහෙයවීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු යෙදවීමට වැඩබලන නීතිපති අතිරේක සොලිසිටර් ජෙනරාල් ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතා  තීරණය කොට ඇත.

මෙම සිද්ධියට අදාළව පරීක්ෂණ පවත්වන රහස් පොලිස් නිලධාරීන් නීතිපතිවරයාගෙන් සිදු කළ ඉල්ලීමක් සැලකිල්ලට ගනිමින් එලෙස තීරණය කොට ඇතැයි වාර්තාවේ.

දළපූට්ටුවාගේ ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම පොලිස්පතිවරයා විසින් රහස් පොලීසියට පැවසීමෙන් අනතුරුව මෙම පරීක්ෂණ කටයුතු සඳහා නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ සහාය ලබාදෙන ලෙස රහස් පොලීසිය විසින් ඉල්ලීමක් කොට තිබිණි.

එම ඉල්ලීම පිළිගනිමින් වැඩබලන මහෙස්ත්‍රාත්වරයා විසින් මෙම සිද්ධියේ පැමිණිල්ල මෙහෙයවීමේ කටයුතු සඳහා නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු යෙදවීමට තීරණයකොට ඇතැයි වාර්තාවේ.

මේ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකළ රහස් පොලිස් නිලධාරීන් දළපූට්ටුවා ඝාතනයට සම්බන්ධ බව කියන සැකකරුවන් 08 දෙනෙකු අත්අඩංගුවට ගෙන මේ වනවිට රිමාන්ඩ් භාරයට පත්කොට ඇති අතර, දළපූට්ටුවා ඝාතනයට යොදාගත් ගිනිඅවි ඇතුළු උපකරණ රාශියක්ද සොයාගෙන ඇත.

make-money-468x60-2