පානම සහ මින්නේරිය දළපූට්ටුවන් අතුරුදහන්

අම්පාර දිස්‌ත්‍රික්‌කයේ පානම ශාස්‌ත්‍රවේලියේ ජීවත් වූ දළපූට්‌ටුවාද මාස 10 ක කාලයක සිට දකින්නට නැති බව ප්‍රදේශවාසීහු පවසති. පානම දළපුට්‌ටුවා අවසන් වරට ප්‍රදේශවාසීන් දැක ඇත්තේ පසුගිය පෙබරවාරිය අවසානයේදීය.

මීට අමතරව මින්නේරිය ජාතික වනෝද්‍යානයේ ජීවත් වූ කතිර දළ ඇතා ඇත් දළ ජාවාරම්කරුවන්ගේ වෙඩි ප්‍රහාරයකට ලක්වීමෙන් මිය ගියාද, නැතිනම් වනාන්තරයේ අමරමං වීදැයි සෙවීම සඳහා වනජීවී ඇමැති ගාමිණී ජයවික්‍රම මහතා කමිටුවක් ප ත් කර ඇත.

මීට වසර දෙකකට පෙර මින්නේරිය ජාතික වනෝද්‍යානයේ ජීවත් වූ මෙම කතිර ඇතා උසින් අඩි 11ක්ද අඩි 4 1/2කට වැඩි තිබූ දළ යුගල එකිනෙක හා වී තිබූ නිසා කතිර දළ ඇතා නමින් හැඳින්විණ. දෙස් විදෙස් සංචාරකයින්ගේ ආකර්ශණයට ලක්ව සිටි මෙම ඇතා දඩයම්කරුවන්ගේ වෙඩි ප්‍රහාරයකට ලක්ව සිටියදී ගිරිතලේ පශු වෛද්‍ය ඒකකයේ නිලධාරීන් විසින් කිහිප වතාවක්ම ප්‍රතිකාර ලබාදී සුවපත් කරන ලදී. ‍මෙම ඇතාගේ අතුරුදහන්වීම පිළිබඳව මාධ්‍ය වාර්තා වරින් වර පලවීමෙන් පසු වනජීවී අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා ඒ පිළිබඳව සොයා බැලීමට කමිටුවක් පත් කරන ලදී.

ජාතික වනෝද්‍යානවලට සංක්‍රමණය වෙමින් ජීවත් වූ මෙම ඇතා‍ගේ ජීවිතය පිළිබඳව වනජීවී නිලධාරීන් නොසලකා හැරීම නිසා මේ අනතුරුදායක තත්වයට පත්වී ඇති බව පරිසරවේදීන් චෝදනා කරති.