ආරවුලක් දුර යයි – දෙමෝදර වෙඩි තැබීමක්

මෝදර පොලිස් වසමේ 227 ජෝන් ප්‍රදේශ වත්තට හැරෙන හංදිය අසල දෙපිරිසක් අතර ඇති වු ආරවුලක් හේතුවෙන් පුද්ගලයෙකුට වෙඩි තබා තිබේ.

අද (08) අලුයම 2 ට පමණ මෙය සිදුව ඇති අතර තුවාල වු පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව මෝදර පොලිසිය පවසයි.

මේ පිළිබඳ මෝදර පොලීසියට ලද තොරතුරක් අනුව වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබයි.

තුවාලකරු වයස අවුරුදු 42 ක් කදිරාන වත්ත, මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව අනාවරණය වී ඇත.

වෙඩි තැබීම සිදු කළ සැකකරුවන් මෙතෙක් හඳුනාගෙන නොමැති අතර ඔහු ප්‍රදේශයෙන් පළා ගොස් ඇති බව පොලීසිය පවසයි.

කෙසේ වෙතත් අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට මෝදර පොලීසිය වැඩිදුර පරීක්ෂණ මේ වන විට ආරම්භ කර තිබේ.