ගොඩට එමින් සිටි ධීවරයා ඔරුව පෙරළී අතුරුදන්

make-money-468x60-2

අක්කරපත්තුව ඔළුවිල් ධීවර වාරයේදී ධීවරයෙකු දියේ ගිලීමෙන් අතුරුදන් වී තිබේ.

ඊයේ (07) මොහු සිය ධිවර කටයුතු අවසන් කර නැවත ධීවර වරාය වෙත පැමිණෙමින් සිටියදී ධිවර යාත්‍රාව පෙරළිමෙන් මෙලෙස අනතුරට ලක් වු බව පොලිසිය සඳහන් කළේය.

මෙලෙස දියේ ගිලිමෙන් අතුරුදන් වූ මොහු 39 හැවිරිදි ඔළුවිල් ප්‍රදේශයේම පදිංචි පුද්ගලයෙකි.

ඔහු සෙවීම සඳහා නාවික හමුදාව සහ පොලීසිය මෙහෙයුමක් ද ආරම්භ කර තිබේ.

make-money-468x60-2