ශ්‍රීලනිපයට කරදර නොකර මැතිවරණය කරන්නැයි රනිල් උපදෙස් දුන් බව රුවන් කියයි

make-money-468x60-2

පුනරුත්ථාපනය වු එල්.ටී.ටී.ඊ සමාජිකයින් ද්‍රවිඩ විමුක්ති සන්ධානය හරහා දේශපාලනයට පිවිසීමෙන් මෙරට ජාතික ආරක්ෂාවට කිසිදු තර්ජනයක් නොමැති බව ආරක්ෂ රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා පවසයි.

බියගම ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

මේ වන විට උතුරු නැගෙනහිර ප්‍රදේශවල පුනරුත්ථාපනය වු එල්.ටී.ටී.ඊ සාමාජිකයින් දහස් ගණනක් සිටින බවත්, ඔවුන් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාමාර්ගයක් ඔස්සේ ගමන් කරමින් දේශපාලනයට පැමිණිම හොඳ ප්‍රවණතාවයක් බව ද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

වැරදි වැඩ නොකර ප්‍රජාතන්ත්‍රවාදි මාර්ගයක ගමන් කිරීම තුළින් සමාජයට යහපතක් සිදුවන බව ද ඔහු සඳහන් කළේය.

මේ අතර ඉදිරි මැතිවරණය පිළිබඳ අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ, එක්සත් ජාතික පෙරමුණ වශයෙන් ඉතා ශක්තිමත්ව මැතිවරණයට ඉදිරිපත් වන බවයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ සුහදව ඔවුන්ට බනින්නෙ නැතිව, හිරිහැර නොකර ඉදිරි මැතිවරණ කටයුතු සිදු කරන ලෙසට අගමැතිවරයා සියලූම එක්සත් ජාතික පක්ෂ සමාජිකයින්ට උපදෙස් ලබා දුන් බව ද අමාත්‍යවරයා මෙහිදි කියා සිටියේය.

make-money-468x60-2