නිදහස් පක්ෂය තනිව තරග කරන බව කම්කරු ඇමැති කියයි

make-money-468x60-2

ඉදිරි පළාත් පාළන මැතිවරණය සදහා ශ‍්‍රි ලංකා නිදහස් පක්ෂය තනිව තරග කරන බව කම්කරු සහ වෘත්තිය. සමිති සබඳතා අමාත්‍ය ඩබ්ලිව්. ඞී. ජේ සෙනෙවිරත්න මහතා ඊයේ(10)මාධ්‍යට පැවසීය.

එක්ව තරඟ කිරීම සදහා ආණ්ඩුව නියෝජනය කරන ශ‍්‍රි ලංකා නිදහස් පක්ෂ සියලූම දෙනාම එකම ස්ථාවරයක සිට කටයුතු කළද ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන දුරදිග නොබලා කටයුතු කරන කිහිපදෙනකු හේතුවෙන් මෙම තීරණයට එළැඹි බවත් අමාත්‍යවරයා කීවේය.

ඔවුන්ගේ මෙම තීරණය සම්බන්ධයෙන් තමන් බෙහෙවින් කනගාටුවට පත් වන බවද අමාත්‍යවරයා පැවසීය.

ඉදිරියේදී හෝ මෙම පිරිස පක්ෂය පිළිබඳ සිතා කටයුතු කළ යුතු බවද අමාත්‍යවරයා වැඩිදුරටත් කීය.

make-money-468x60-2