අපේ පොදු හතුරා ඒකාබද්ධය නෙමෙයි-එජාපයයි

make-money-468x60-2

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පොදු සතුරා ඒකාබද්ධ විපක්ෂය නොව එක්සත් ජාතික පක්ෂය බව බස්නාහිර. පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ පළාත් පාලන මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂයට එරෙහිව තරග කිරීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අරමුණ බවයි.

මහරගම ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා මෙම අදහස් පළ කළේය.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ එක්වීමට ඒකාබද්ධ විපක්ෂය කිසිඳු ලෙසකින් සූදානම් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කළේය.

කෙසේවෙතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ව්‍යවස්ථාවට පටහැනිව කටයුතු කරන පුද්ගලයින් සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව එම පක්ෂයේ මහලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක මහතා සඳහන් කරයි.

make-money-468x60-2