තියුණු ආයුධ සහ මුගුරු රැගෙන යතුරුපැදි 04කින් ගමන් ගත් කල්ලියක් පොලිසිය වටලයි

make-money-468x60-2

තියුණු ආයුධ සහ මුගුරු රැගෙන යතුරු පැදි 04කින් ගමන් කරමින් සිටි කල්ලියක් වැටලීමට පොලිසිය සමත් වී තිබෙනවා.

ඊයේ (11) රාත්‍රි 7.05 ට පමණ තෙලිප්පලේ පොලිස් වසමේ අලවෙඩ්ඩි දකුණ ප්‍රදේශයේදී මෙම වැඩලීම සිදු කර තිබෙනවා.

ඒ පොලිසියට ලද තොරතුරකට අනුවයි.

මෙහිදී යතුරුපැදි 04කින් ගමන් කරමින් සිටි කල්ලිය වටලා එහි සිටි සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම අවස්ථාවේදී තවත් සැකකරුවන් තිදෙනෙකු පළා ගොස් ඇති බවද සඳහන්.

අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 27 සහ 22 යන වයස් කාණ්ඩවල පසුවන්නන්.

මේ අතර වව්නියාව ප‍්‍රදේශයේ කිසියම් අපරාධයක් සිදුකිරීමට කඩු රැගෙන පැමිණි කල්ලියක් පොලිසිය දැක පළා ගොස් තිබෙනවා.

ඊයේ (10) රාත‍්‍රි 9.00 ට පමණ වව්නියාව බසාර් වීදිය ප‍්‍රදේශයේ රාජකාරි කළ රථ වාහන පොලිස් නිළධාරීන් වේගයෙන් පැමිණි යතුරුපැදියක් නැවතීමට සංඥා කොට ඇති අවස්ථාවකදී අදාළ යතුරුපැදිකරුවන් පොලිස් නිළධාරීන්ට බිය වි වෙනත් දෙසකට හරවා පළාගොස් තිබුණා.

එහිදී යතුරුපැදිය හැරවීමේදී යතුරුපැදිකරුවන් සතුව තිබූ පාර්සලයක් බිම වැටී තිබෙනවා. යතුරුපැදියෙන් වැටුණු පාර්සලයේ තිබි දිග කඩු දෙකක් පොලිස් භාරයට ගැණුනා.

කිසියම් අපරාධයක් සඳහා පැමිණි පිරිසක් මෙලෙස පළාගොස් ඇති බවයි පොලිසිය අනාවරණය කළේ.

සැකකරුවන් පැමිණි යතුරුපැදිය හඳුනාගැනීමට හැකිවි ඇති අතර, පොලිසිය පැවසූවේ අදාළ යතුරුපැදිය සොයා පරීක්ෂණ මෙහෙයවන බවයි.

පසුගිය සමයේ යාපනය ප‍්‍රදේශයේ ක‍්‍රියාත්මක වු කඩු කල්ලියක සාමාජිකයෙකුද වව්නියාව ප‍්‍රදේශයෙන් අත්අඩංගුවට ගනු ලැබුවා.

make-money-468x60-2