නාමයෝජනා භාර ගැනීම ඇරඹෙයි

make-money-468x60-2

පළාත් පාලන ආයතන 93කට අදාළ නාම යෝජනා භාරගැනීම අද (11) ආරම්භ වනවා.

එය අවසන් වන්නේ ලබන බ‍්‍රහස්පතින්දා (14) මධ්‍යහන 12.00ටයි. ඒ අනුව මහ නගර සභා 07ක්, නගර සභා 18ක් සහ ප‍්‍රාදේශීය සභා 68ක් වෙනුවෙන් අද සිට නාමයෝජනා භාරගනු ඇති.

නාමයෝජනා භාරගැනීම අවසන් වන දිනට පෙර දින එනම් ලබන 13 වැනිදා මධ්‍යහන 12.00ට පෙර සියලූ දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් ඇප මුදල් තැන්පත් කළ යුතු වනවා.

නීතිමය ගැටළු නොමැති පළාත් පාලන ආයතන 93කයි මෙලෙස මුල් අදියරේදී නාම යෝජනා භාරගැනීම සිදු වන්නේ. සෙසු පළාත්පාලන ආයතන 248 වෙනුවෙන් නාමයෝජනා කැඳවීම ඉදිරියේදී සිදු වනු ඇති.

මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප‍්‍රිය ඉකුත්දා පැවති මාධ්‍ය හමුවකදී ප‍්‍රකාශ කළේ පළාත් පාලන ආයතන සියල්ලේම මැතිවරණය පෙබරවාරී මස 17 වැනි දා හෝ ඊට පෙර පැවැත්වීමට හැකි වනු ඇති බවයි.

make-money-468x60-2