රතුළුෑණු මිල ඉහළට

make-money-468x60-2

වෙළෙඳ ‍පොළ තුළ රතුළුෑණු මිල මේ දිනවල ශීඝ්‍රයෙන් ඉහළ යාමත් සමග පාරිභෝගිකයෝ දැඩි පීඩාවකට පත්ව සිටිති. දේශීය රතුළුෑණු අස්වැන්න අඩුවීමත්, රතුළුෑණු ආනයනික බදු ඉහළ යාමත් හේතුවෙන් එහි මිල ඉහළ ගොස් ඇතැයි තොග වෙළෙඳ සංගමයේ සභාපති පලණියන්ඩි සුන්දරම් මහතා පැවැසීය.
ඒ අනුව තොග වෙළෙඳ ‍පොළ තුළ වන විට රතුළුෑණු කිලෝවක තොග මිල රුපියල් 350 ත් 400 ත් අතර මිලකට පැවැති බවද ඒ මහතා කීය.
මේ අතර හැටන් ප්‍රදේශයේද රතු ළුෑණු කිලෝවක මිල මේ වන විට රුපියල් 430 ත්, 450 ත් අතර මිලකට අලෙවි වන බැවින් රතුළුෑණු මිලදී ගැනීම අඩුවී ඇතැයිද ජනතාව පවසති.

make-money-468x60-2