ඉරාන රජයට එරෙහි ජනතා නැගිටීම නිසා මරණ රැසක්

ඉරාන රජයට එරෙහිව සිදුව ඇති ජනතා නැගිටීමත් සමග විරෝධතාකරුවන් හා හමුදා අතර සිදුවූ ගැටුම්වලින් මේ දක්වා 20කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

මීට දින හයකට පෙර ආරම්භ වූ මෙම විරෝධතාවල මූලික හේතු ලෙස කියවුණේ දූෂණය සහ දරාගත නොහැකි ජීවන වියදම, උද්ධමනය සහ රැකියා ප්‍රශ්නයයි.

2009 ජනාධිපතිවරණයෙන් පසුව ඉරානයේ නගර රැසක ඇති වූ දැවැන්තම විරෝධතා ව්‍යාපාරය මෙය ලෙස සැලකෙන අතර, මෙය එවක ඇති වූ විරෝධතාවලටත් වඩා බරපතළ තත්ත්වයක් බවද දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.

ඉරානයේ දෙවැනි විශාලතම නගරය ලෙස සැලකෙන මෂ්හාඩ් විරෝධතාවල මූල බීජය සැපයූ නගරය විය. කෙසේ වෙතත්, දින දෙක තුන ගතවන විට එය නගර රැසක් වෙත ව්‍යාප්ත වී ගියේය.

ඉරානය චෝදනා නගන්නේ මෙම විරෝධතා ඇති කිරීම පිටුපස බටහිර බලවේග ක්‍රියාත්මක වන බවටය.

මෙය නිර්භීත නැගී සිටීමක් ලෙස ඇමෙරිකාව මේ වනවිටත් හඳුනාගෙන ඇත.