කොලින් මුන්රෝ වාර්තා අතරට

make-money-468x60-2

විස්සයි20 ක්‍රිකට් පිටියේ ශතක තුනක් වාර්තා කළ පළමු පිතිකරු බවට නවසීන්ත පිතිකරු කොලින් මුංරෝ ඉතිහාසයට එක්විය. ඒ කොදෙව් කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර අද (03දා) පැවැති තරගයේදී මුන්රෝ ශතකයක් රැස්කිරීමට සමත්වීමත් සමගිනි.

පන්දු 53කදී මුන්රෝ ලකුණු 104ක් රැස්කළේය. බ්‍රෙන්ඩන් මැකලම්, එවින් විලියම්ස්, ක්‍රිස්ගේල් හා රෝහිත් ශර්මා මිට පෙර ශතක දෙක බැගින් රැස්කර තිබුණි.

හතරේ පහර 3ක් හා හයේ පහර 10ක් සමගින් මුන්රෝ සිය ශතකය සම්පූර්ණ කළේය.නවසීලන්තය කඩුලු  පහට ලකුණු 243ක් රැස්ක ණ අතර කොදෙව් කණ්ඩායම ලකුණු 124කට දැවී ගියේය.

make-money-468x60-2