මගේ බෝම්බෙ ලොකුයි වගේම සක්‍රීයයි – ට්‍රම්ප්

මගේ න්‍යෂ්ටික බෝම්බ ස්විචය බොහෝ විශාල මෙන්ම බොහෝ බලසම්පන්න එකක් බව උතුරු කොරියානු නායක කිම් ජොන්ග්-උන්ගේ ප්‍රකාශයට ප්‍රතිචාර ලෙස ඇමෙරිකානු නායක ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

න්‍යෂ්ටික යුද්ධයක් සම්බන්ධයෙන් ඉඟි කරමින් උතුරු කොරියානු නායකයා නව අවුරුදු උදාව සිදුවන විට ජාතිය අමතමින් කියා සිටියේ න්‍යෂ්ටික බෝම්බ ක්‍රියාත්මක කරන ස්විචය තම මේසය මත පවතින බවය.

කෙසේ වෙතත්, මීට ප්‍රතිචාර ලෙස ඇමෙරිකානු නායකයා ට්විටර් පණිවුඩයකින් මෙම අදහස් දැක්වීම සිදුකර ඇති අතර, ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ තමන්ගේ න්‍යෂ්ටික බෝම්බ ක්‍රියාත්මක තත්ත්වයේ පවතින ඒවා බවද සඳහන් කරමිනි.

උතුරු කොරියාවේ න්‍යෂ්ටික අත්හදා බැලීම් මෙන්ම, ඔවුන්ගේ මිසයිල අත්හදා බැලීම් හරහා පසුගිය කාලය පුරාවට ඇමෙරිකාවේ මූලිකත්වයෙන් උතුරු කොරියාව වෙත දැඩි සම්බාධක පැනවීමක් සිදුවූ අතර, මේ හරහා ඇමෙරිකාව හා උතුරු කොරියාව අතර උණුසුම් වාතාවරණයක් පසුගිය කාලය පුරාවට වාර්තා විය.