26 හැවිරිදි තරුණියට පොලිසිය වෙඩි තැබූ හැටි (VIDEO)

අපරාධ රැසකට සම්බන්ධ බවට සැකපිට අත්අඩංගුවට ගැනිමට ගිය තරුණියකට වෙඩි තැබිමට පොලිසියට සිදුවි ඇති බවට වාර්තා වෙනවා.

ඇමරිකාවේ කැන්සාස් ප්‍රාන්තයේ මෙම සිදුවිම සිදුව ඇති අතර, 26 හැවිරිදි සියාරා හෝවර්ඩ් නැමති තරුණිය මෙලෙස ඝාතනයට ලක්වි ඇත. පැය තුනහමාරක මෙහෙයුමකින් පසු ඇයට යටත් වන ලෙස පොලිසිය නියෝග කලද ඇය පිස්තෝලයක් ගෙන පොලිසියට ප්‍රතිප්‍රහාර එල්ලකිරීමට තැත් කරද්දී පොලිසිය විසින් මෙම වෙඩි තැබීම සිදු කර ඇත. අදාල සිදුවීමේ සජීවී දර්ශණ පෙළක් පොලිසිය විසින් මාධ්‍යට නිකුත් කර තිබෙනවා.