සංගාගෙන් යෙහාලිට ලක්ෂ 38ක අතුරුපසක්

රුපියල් ලක්ෂ 38ක වටිනාකමකින් යුත් අතුරුපසක් කුමාර් සංගක්කාර විසින් සිය බිරිඳ වන යෙහාලි සංගක්කාර වෙත පිරිනමා ඇත. ග්‍රෑන්ඩ් හෝටලයේ ප්‍රවීණ සූපවේදී විරාජ් ජයරත්න මහතාගේ සූපවේදී දිවියට වසර 25ක් පිරීම නිමිත්තෙන් මෙම වටිනා අතුරුපස නිර්මාණය කර තිබිණි.

'Marry Me' යනුවෙන් මෙම අතුරුපස නම් කර ඇත. ආනයනය කරන ලද මිල අධික අමුද්‍රව්‍යවලින් මෙම අතුරුපස නිර්මාණය කර තිබේ. එහි නිර්මාණය කර තිබූ කුඩා නෙළුම් කුලුනක් මත වටිනා මැණිකක්ද තැන්පත් කර තිබූ බවද වාර්තා වේ.

ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රයේ නව මානයක් වෙනුවෙන් මෙම වැඩසටහන සංවිධානය කර තිබිණි. අමාත්‍ය ජෝන් අමරතුංග මහතාද මෙම අවස්ථාවට එක්ව සිටියේය.

1 2 3