චීන වෙරළට ඔබ්බෙන් නැව් දෙකක් ගැටී 32ක් අතුරුදන්

make-money-468x60-2

චීනයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් මුහුදේදී තෙල් ප්‍රවාහන නෞකාවක් සහ භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් එකිනෙක ගැටීම නිසා පුද්ගලයන් 32දෙනෙකු අතුරුදන් බව විදෙස් වාර්තා පවසයි.

පැනමාවේ ලියාපදිංචි වූ සාන්චි නමැති තෙල් ප්‍රවාහන නෞකාව ඉරානයට අයත් ඉන්ධන ටොන් 136,000ක් ගමන් කරමින් සිට ඇති අතර, ෂැංහයි වෙරළට ආසන්නව සිදුවූ මෙම අනතුරත් සමග එම නෞකාව ගින්නට හසුව තිබේ.

චීනයේ ප්‍රවාහන අමාත්‍යාංශය පවසා සිටියේ අතුරුදන්ව ඇති පිරිස එම නෞකාවේ නාවිකයන් පිරිස බවයි. ඒ අතර, ඉරාන ජාතිකයන් 30ක් සහ බංග්ලාදේශ ජාතිකයන් දෙදෙනෙකු වෙති.

මේ අතර, 21-ස්ට්‍රෝන්ග් නමැති භාණ්ඩ ප්‍රවාහන නෞකාවේ සිටි නාවිකයන් පිරිස මුදාගැනීමට හැකි වූ බවද එම අමාත්‍යාංශය පවසයි.

සාන්චි නෞකාව මේ වනවිට ගිනි ගනිමින් පාවෙමින් ඇති බවත් ඉන් ඉසිරෙන තෙල්වලින් සිදුවන බලපෑම අවම කරගැනීමට ප්‍රයත්න දරමින් සිටින බවත් චීන බලධාරීහු පවසති.

make-money-468x60-2