අර්සා නමින් එන රොහින්ග්‍යා ත්‍රස්තයන් යළිත් ක්‍රියාත්මකයි

මියන්මාරයේ රඛයින් ප්‍රාන්තය තුළ බලය පතුරුවමින් සිටි අර්සා හෙවත් රොහින්ග්‍යා ඉස්ලාමීය ත්‍රස්ත සංවිධානය එරට රජයට එරෙහිව දිගින් දිගටම සටන් වදින බව නවතම වීඩියෝ පණිවුඩයකින් පවසා තිබේ.

අරකන් රොහින්ග්‍යා ගැලවීමේ හමුදාව කෙටි කරමින් අර්සා ලෙස හඳුන්වන මෙම රොහින්ග්‍යා ත්‍රස්ත කණ්ඩායම් ත්‍රස්තයන් ලෙස නොව, එම පළාතේ සුළුතර මුස්ලිම් ප්‍රජාවට අයත් කැරලි කණ්ඩායම් නමින් පමණක් හැඳින්වීමට ඇතැම් විදෙස් මාධ්‍ය අනුකම්පාසහගත වී ඇති ආකාරයද තොරතුරු වාර්තා කිරීමේදී දැකගත හැකිය.

මියන්මාරය වෙත බංග්ලාදේශයෙන් පළා ආ සුළුතර මුස්ලිම් ප්‍රජාව මෙම රඛයින් ප්‍රාන්තය තුළ ජීවත් වන අතර, ඔවුන්ගේ අර්සා ත්‍රස්ත කණ්ඩායම් ඉලක්ක කරමින් මියන්මාර හමුදා පසුගිය වසරේ දැවැන්ත මෙහෙයුමක් දියත් කළේ, එම ත්‍රස්තයන් පොලිස් ස්ථාන 30ක් වෙත එල්ල කළ දැවැන්ත ප්‍රහාරයකට ප්‍රතිචාර වශයෙනි.

මේ ප්‍රහාරයෙන් පසුව දියත් වූ දැවැන්ත හමුදා ක්‍රියාමාර්ගය හමුවේ බොහෝ රොහින්ග්‍යා වැසියන් යළිත් බංග්ලාදේශය වෙතම පළාගිය ගියහ.

කෙසේ වෙතත්, මෙම සිදුවීමෙන් පසුව එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු බොහෝ විදෙස් බලවේග මියන්මාරය වෙත ඇඟිල්ල දිගු කරමින්, ත්‍රස්තවාදීන්ට කිරි පොවන බටහිර න්‍යාය යළි ප්‍රකට කරන්නට විය.

කෙසේ වෙතත්, මෙම අර්සා ත්‍රස්තයන් පසුගිය සිකුරාදා දිනයේදී රඛයින් ප්‍රාන්තයේ ධාවනය වෙමින් තිබූ හමුදා ට්‍රක් රථයක් වෙත සැඟව සිට ප්‍රහාරයක් දියත් කර තිබුණු අතර, එම ප්‍රහාරයෙන් තිදෙනෙකු තුවාල ලැබීය.

රෝහින්ග්‍යා ජනතාවගේ දේශපාලනික අයිතිවාසිකම් දිනා ගැනීම සඳහා සටන් කරන බව පවසන මෙම අර්සා ත්‍රස්තයන් 20 දෙනෙකු පමණ සම්බන්ධ වී එම ප්‍රහාරය එල්ල කර තිබුණේ රෝගියෙක් හදිසියේ රෝහලක් වෙත ගෙන යමින් පැවති හමුදා ට්‍රක් රථයක් වෙතය.