‘හීන හැන්දෑව’ ගීතයට රූප රචනාවක් කළා

තරුණ පරපුර අතර වඩාත් ජනප්‍රිය යොවුන් ගායකයෙකු වන උදය ශ්‍රී වික්‍රමසිංහ නව වසර ආරම්භ කරන්නට සූදානම් වන්නේ සිය මේ දිනවල ජනප්‍රිය ඔහුගේ ‘හීන හැන්දෑව’ ගීතයට රූප රචනාවක් එළිදක්වමිනි. ඒ පිළිබඳව හා ඉදිරි කලා කටයුතු මාධ්‍යට ඔහු මෙළෙසින් පවසා ඇත.

“මගේ අලුත්ම ගීතය ‘හීන හැන්දෑව’ ගීතයේ රූප රචනාව තමයි මේ වසරේ මම මුලින්ම එළිදක්වන්න සූදානම් කරලා තියෙන්නේ. බොහෝ විට එය ජනවාරි මාසයේ දී මගේ රසික, රසිකාවියන්ට තිළිණ කරන්න මට පුළුවන් වේවි කියලා මම හිතනවා. ඒ වගේම මම ගෙවුණු වසරේ චිත්‍රපට කිහිපයකම සංගීත අධ්‍යක්ෂවරයා විදිහට වැඩ කළා. ‘සිහින අනන්තය’ කියන්නේ මම සංගීත අධ්‍යක්ෂණය කරපු චිත්‍රපටයක්. ඒ වගේම මගේ සංගීත කණ්ඩායම වගේම නර්තන කණ්ඩායමත් එක්ක මේ වසරේදී කාර්ය බහුල වෙලා තියෙනවා. හැම වසරේ දීම මම මගේ සංගීත කණ්ඩායමේ වගේම නර්තන කණ්ඩායමේ වෙනස්කම් සිදු කරනවා. ඉතින් මේ වසරේදීත් ඒ වෙනස්කම් සිදු කරමින් ප්‍රේක්ෂකයන්ට අමුතුම අත්දැකීමක් ලබාදෙන්න මම බලාපොරොත්තු වෙනවා.”