චන්දිමාල් එක්දින කණ්ඩායමට – මාලිංග නෑ

make-money-468x60-2

බංග්ලාදේශයේදි පැවැත්වීමට නියමිත තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ටෙස්ට් නායක දිනේෂ් චන්දිමාල් නම් කර ඇත.

16 දෙනෙකුගෙන් යුත් මෙම සංචිතයට නවක ක්‍රීඩක ශෙහාන් මධුශංකද නම් කර ඇත.

කුසල් මෙන්ඩිස්, කුසල් පෙරේරා, අසේල ගුණරත්නද සංචිතයට ඇතුළත්වෙයි.

බංග්ලාදේශයේ පැවැත්වන තරගාවලියට එක්වීමට ශ්‍රී ලංකා කණ්ඩායම 13 දා දිවයිනෙන් පිටත්ව යෑමට නියමිතය.

නව එක්දින නායක ඇන්ජලෝ මැතිව්ස්ගේ හා නව පුහුණුකරු චන්දික හතුරුසිංහගේ පළමු තරගාවලිය මෙය වෙයි.

තරගාවලිය සඳහා මූලික සංචිතය නම්කරන අවස්ථාවේදී ලසිත් මාලිංගගේ නම ඇතුළත් නොවුණ අතර ක්‍රිකට් ආයතනය එහිදී පැවැසුවේ මාලිංග විවේක ගන්වා ඇති බවයි.

DTE_0sgVMAAFVSt copy copychandimal-m

make-money-468x60-2