එක්දින හා 20-20 ක්‍රිකට් නායකත්වය මැතිව්ස්ට

make-money-468x60-2

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ එක්දින හා පන්දුවාර 20-20 නායකත්වයට ඇන්ජලෝ මැතිව්ස් පත්කර තිබෙනවා. දීර්ඝකාලීන සැලසුමක් මත මෙම පත්කිරීම් සිදුකළ බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා ප්‍රකාශ කළේ.

නව නායකයා පත්කිරීම පිළිබඳ දැනුම් දීමේ මාධ්‍ය හමුව පැවැත්වුණේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදීයි.තේරීම් කමිටු සභාපති ග්‍රැහැම් ලැබ්රොයි හා පුහුණුකරු චන්දික හතුරුසිංහ යන මහත්වරුන් ද මෙම අවස්ථාවට එක්ව සිටියා.

make-money-468x60-2