කඩවත ඝාතනයට සම්බන්ධ සිව්දෙනෙකු අත්අඩංගුවට

කඩවත, රන්මුතුගල ප්‍රදේශයේදි පසුගියදා සිදුවූ පුද්ගල ඝාතනයකට අදාළව කාන්තාවක ඇතුළු පුද්ගලයින් සිව් දෙනෙකු එම ඝාතනය සඳහා යොදාගත් ගිනි අවියද සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.

මියගිය පුද්ගලයාගේ පළමු විවාහයේ බිරිඳ සහ ඇයගේ අනියම් පුරුෂයා ඇතුළු සිව් දෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.