කථානායක වගකීම් පැහැර හරින බවට ඒකාබද්ධයෙන් චෝදනා

make-money-468x60-2

ජනාධිපතිතුමා හා පාර්ලිමේන්තුව අතර කිසිදු ගැටළුවක් නොමැති බවත් කථානායකවරයා හා. පාර්ලිමේන්තුව අතර නිරන්තරයෙන් ගැටළුවක් පවතින බව ඒකාබද්ධ විපක්ෂය පවසයි.

අද(10) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රි වාසුදේව නානායක්කාර මහතා මේ බව පැවසීය.

කථානායකවරයා තම වගකීම ඉතා පැහැදිලි ලෙසම උල්ලංඝනය කරන බව ද මන්ත්‍රීවරයා පැවසීය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද දින බැඳුම්කර නිකුත් කිරීම සම්බන්ධයෙන් වු වාර්තාව පිළිබඳ විශේෂ ප්‍රකාශයක් සිදු කරන අතරතුර විපක්ෂයේ මන්ත්‍රීවරුන් ඊට විරෝධය පළ කිරීමත් සමඟ සභාවේ උණුසුම් තත්ත්වයක් හට ගත් බවත් එවැනි තත්ත්වයක් උදා වුයේ කථානායකවරයාගේ වැඩකටයුතු නිසා බව ද මන්ත්‍රීවරයා මෙහිදී සඳහන් කළේය.

ඉන් අනතුරුව විරෝධතා පුවරු රැගත් විපක්ෂයේ මන්ත්‍රීවරු සභාගර්භය මධ්‍යයේ ආරම්භ කළ විරෝධතාවයට පසුව ගුටිබැට හුවමාරුවක් දක්වා වර්ධනය විය.

make-money-468x60-2