පාර්ලිමේන්තුව හෑල්ලු කිරීමට විරුද්ධයි

පිටස්තර සාධක මත පාර්ලිමේන්තුව හෑල්ලු කිරීම සම්බන්ධව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විරුද්ධ බව. අමාත්‍ය සරත් අමුණුගම මහතා ඊයේ (10දා) පැවසීය.

පාර්ලිමේන්තුව තුළ ඊයේ දිනයේදී පාර්ලිමේන්තුවේ ඇතිවූ තත්ත්වය සම්බන්ධව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මතය පැහැදිලි කිරීම සඳහා පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් හෙතෙම මේ බව පවසා සිටියේය.

නොකියවූ වාර්තාවක් සම්බන්ධව පාර්ලිමේන්තුවේ කලහකාරී ලෙස හැසිරීම හාස්‍යට කරුණක් බවද ඇමතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.