CMC සිදුවූ දූෂණ හෙළි කරනවා

make-money-468x60-2

කොළඹ නගර සභාවේ සිදුව ඇති දූෂණ වංචා රැසක් සම්බන්ධව ඉදිරි දින  කිහිපයේදී හෙළිදරව් කරන බව එම නගර සභාව සඳහා ඒකාබද්ධ පොදුජන පෙරමුණෙන් තරග කරන අපේක්ෂකයෝ පිරිසක් කොළඹදී අද (11) පැවැත්වූ මාධ්‍ය හමුවකදී පැවසූහ.

පසුගිය කාලය පුරා නගර සභාව සිදුකළ ව්‍යාපෘති රාශියක මූල්‍ය අක්‍රමිකතා සිදුව ඇති බවත්, හිටපු නගරාධිපති ඒ.ජේ.එම්.මුසම්මිල් මහතා සහ වත්මන් කොමසාරිස්වරයා මේවායේ වගකීම බාර ගත යුතු බවත් ඔවුහු ප්‍රකාශ කළහ.

මෙම මාධ්‍ය හමුවට එක්වූ හිටපු නාගරික මන්ත්‍රී මහින්ද කහඳගම ඇතුළු පිරිස වැඩිදුරටත් සඳහන් කළේ මේ වනවිට කොළඹ නගරය කුණු ගොඩක් බවට පත්වී තිබෙන බවත්, නගර සභාව පාලනය කරන නිලධාරීන්ට කිසිදු සැලැස්මක් නොමැති බවත්ය.

make-money-468x60-2