බස්නාහිර පළාත් සභා මන්ත්‍රීට ඇප ලැබෙයි

make-money-468x60-2

සපුගස්කන්ද පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාගේ රාජකාරියට බාධා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ජනතා විමුක්ති පෙරමුණු බස්නාහිර පළාත් සභා මන්ත්‍රී අශෝක රන්වල මහතාට ඇප ලබා දී තිබේ.

මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහු පසුගිය දා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කර තිබුණි.

ගෙවල් බිදුම්වලට සම්බන්ධ බවට සැකපිට සපුගස්කන්ද පොලීසිය විසින් අත්අඩංගුවට ගත් සැකකරුවෙකු පොලිස් ඇප මත මුදාහරින ලෙස අශෝක රන්වල මහතා ඉල්ලීමක් කර තිබූ අතර කෙසේවෙතත් පොලීසිය එය ප්‍රතික්ෂේප කර අධිකරණයට ඉදිරිපත් කළ සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ඉන් අනතුරුව සපුගස්කන්ද පොලීසිය වෙත පැමිණ ඇති අශෝක රන්වල මහතා අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාට බැණ තර්ජන කර ඇති බව පොලීසිය සඳහන් කළේය.

ඒ අනුව සපුගස්කන්ද පොලීසිය විසින් ඔහු අත්අඩංගුවට ගෙන තිබුණි.

ජනතා විමුක්ති පෙරමුණු බස්නාහිර පළාත් සභා මන්ත්‍රී අශෝක රන්වල මහතා වෘත්තිය සමිති රැසක සාමාජිකත්වය දරයි.

make-money-468x60-2