ශ්‍රී ලංකා පිල පිටත්ව යයි

මේ මස 15 වැනිදා බංග්ලාදේශයේදී ආරම්භ වන තුන්කොන් ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (12 වැනිදා) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී ආගමික වතාවත්වල නිරත වීමෙන් අනතුරුව දිවයිනෙන් පිටත්ව ගියේය.

මෙම තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම සත්කාරක බංග්ලාදේශට සහ සිම්බාබ්වේට එරෙහිව තරග වැදීමට නියමිතය. ක්‍රීඩකයන් 16 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස ඇන්ජලෝ මැතිව්ස් කටයුතු කරයි.

ශ්‍රී ලංකා එක්දින සංචිතය
ඇන්ජලෝ මැතිව්ස් (නායක), උපුල් තරංග, ධනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස්, දිනේෂ් චන්දිමාල්, කුසල් පෙරේරා, තිසර පෙරේරා, අසේල ගුණරත්න, නිරෝෂන් දික්වැල්ල, සුරංග ලක්මාල්, නුවන් ප්‍රදීප්, දුෂ්මන්ත චමීර, ෂෙහාන් මධුෂංක, අකිල ධනංජය, ලක්ෂාන් සඳකැන් සහ වනිඳු හසරංග