පාට නොබලාම හොරුන්ට හොරු ලේබලය අලෙව්වාලු

පාට, පක්ෂ නොබලා හොරුන්ට හොරු ලේබලය ගැසීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුබට. නොවූ බව රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පවසා සිටියේය.

රාජ්‍ය අමාත්‍යවරාය මෙසේ අදහස් දක්වා සිටියේ පසුගියදා හාලිඇලදී පැවති ජන හමුවක් අමතමිනි. එහිදී, වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

"පාට, පක්ෂ නොබලා හොරුන්ට හොරු ලේබලය ගැසීමට ජනාධිපතිතුමා පසුබට නොවුණා. ඒ හේතුවෙන් අද එක්සත් ජාතික පක්ෂයේ පාක්ෂිකයන් එක්සත් ජනතා නිදහස් සන්ධානය වෙත සහාය පළකරමින් සිටිනවා. බැඳුම්කර කොමිසමේ වාර්තාව හා බරපතල මූල්‍ය අපරාධ කොමිසමේ වාර්තාව මගින් එජාපයේ මෙන්ම ඒකාබද්ධ විපක්ෂයේ හොරු එකින් එක අනාවරණ වී තිබෙනවා" යැයි වැඩිදුරටත් පවසා සිටියේය.