මහේන්ද්‍රන් වගේ තව අය ගැන හෙළිදරව්වක්

මෙරට ප්‍රධාන පෙළේ ආයතනවල මුල් පුටු සඳහා විදේශිකයන් සහ ද්විත්ව පුරවැසිභාවය සහිත පුද්ගලයන්. පත්කොට තිබීම නැවත වරක් බැඳුම්කර වංචාව වැනි මූල්‍ය වංචා පහසුවෙන්ම සිදුකිරීමට ඉඩකඩ විවර කිරීමක් යැයි ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා පවසයි.

ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිවරයා කැනේඩියානු පුරවැසිභාවය සහිත පුද්ගලයකු බව තමා මාධ්‍ය හරහා පළවූ පුවත් කිහිපයකින්ම නිරීක්ෂණය කළ බවත් එය එසේ නම් සිදුවූ වරද යළි යළිත් කිරීමකැයි පැවැසිය හැකි බවත් ඔහු කියයි.
මෙරට ඉහළ පෙළේ ආයතන ගණනාවකම මුල් පුටු සඳහා එවැනි පත්කිරීම් සිදු කර ඇති බවත් ඒ සඳහා සුදුස්සන් ශ්‍රී ලාංකික පුරවැසියන් අතරින් සොයා ගැනීමේ අපහසුතාව කුමක්දැයි ඒ මහතා ප්‍රශ්න කරයි.

ජනතා පරමාධිපත්‍යයෙන් තේරී පත් වූ ගීතා කුමාරසිංහ මන්ත්‍රි ධුරයෙන් නෙරපුයේ ද්විත්ව පුරවැසිභාවය නිසා නම් මෙරට මූල්‍ය පද්ධතිය මෙහෙයවන ප්‍රධාන පෙළේ ආයතන සඳහා ද්විත්ව පුරවැසිභාවය සහිත වූවන් පත්කිරීමේ ගැටලුවක් බැලූ බැල්මටම පවතින බවද ආචාර්යවරයා පැවසුවේය.