සිවිල් සංවිධාන ජනපති හමුවෙයි

make-money-468x60-2

යහපාලනය සඳහා රජය ගෙන යන ඉදිරි වැඩපිළිවෙළ සම්බන්ධයෙන් හා මෙතෙක් ඉටු නොවූ පොරොන්දු ගැන. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ යහපාලන රජය පිහිටුවීමට ඇපකැපවූ දේශපාලන පක්ෂ හා සිවිල් සංවිධාන නියෝජිතයන් අතර විශේෂ හමුවක් මේ සතියේදී පැවැත්වීමට නියමිතය.

මෙම විශේෂ හමුවේදී වසර තුනක් ඉක්ම ගොස් තිබෙන යහපාලන රජයේ ජයග්‍රහණයන් සහ ඉටු කිරීමට නොහැකිවූ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය, විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම, දූෂිතයන්ට දඬුවම් පැමිණවීම ඇතුළු ප්‍රමුඛ කාර්ය භාරයන් පිළිබඳ ඉදිරියේදී ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද යන්න මේ හමුවේදී සාකච්ඡා කිරීමට නියමිතය.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ධුර කාලය සම්බන්ධයෙන් ශේ්‍රෂ්ඨාධිකරණයෙන් කුමන මතයක් ලබා දුන්නද ඒ පිළිබඳ යහපාලන රජය පිහිටුවීමට ඇපකැපවූ දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධානවල මතයද මෙහිදී ජනාධිපතිවරයා හමුවේ ප්‍රකාශ කිරීමට සූදානමින් සිටින බවද ආරංචි මාර්ග සඳහන් කරයි.

make-money-468x60-2