ගම්පහ වෙඩි තැබීම ගැන පොලිස් පරීක්ෂණ

ගම්පහ බටපොත ප‍්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීම සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

ඊයේ (13) පස්වරුවේ සිදු වූ මෙම වෙඩි තැබීමෙන් පුද්ගලයෙකු තුවාල ලැබුවා. ඔහු ප‍්‍රතිකාර සඳහා ඇතුළත් කෙරුණේ ගම්පහ රෝහලටයි.

වෙඩි තැබීම සිදු කළ පාර්ශ්වය හෝ වෙඩි තැබීමට හේතුව පිළිබඳ මෙතෙක් අනාවරණ වී නැහැ.