බීමතින් ශ්‍රී පාදේ වන්දනා කරන්න ආපු හමුදා සෙබලාට සමන් දෙවි කරුණාව නැතිවෙයි

නල්ලතන්නිය නගරයේ බිමත්ව අශෝභන ලෙස හැසිරෙමින් ශ්‍රී පාද වන්දනාකරුවන්ට හිරිහැර වන සේ හැසුරුණු යුද හමුදාවෙන් පැන ආ සෙබලෙක් ඊයේ (18) සැකපිට අත්අඩංගුවට ගෙන හැටන් දිසා විනිසුරු හා මහේස්ත‍්‍රාත් ටි.සරවනරාජා මහතා වෙත එදිනම ඉදිරිපත් කිරිමෙන් අනතුරුව එම සැකකරු හෙට (20) දින දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කර එම සැකකරුව බන්ධනාගාර නිලධාරින් හරහා ශ්‍රී ලංකා යුධහමුදා පොලිසිය වෙත භාර දෙන ලෙස මහේස්ත‍්‍රාත්වරයා නියෝග කළේය.

මෙසේ රක්‍ෂීත බන්ධනාගාර ගත කරනු ලැබුවේ කෑගල්ල බුලත්කොහුපිටිය ප‍්‍රදේශයේ පදිංචි චාමර ප‍්‍රසාද් නැමැති අයෙකි.

මෙම සැකකරු නල්ලතන්නිය පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගැනිමේදි ඔහු යුධහමුදා බුද්ධි අංශයේ නිළධාරියෙකු බව නල්ලතන්නිය පොලිසිය වෙත දැනුම් දි ඇති අතර පසුව නල්ලතන්නිය පොලිසිය විසින් මොහු පිළිබදව සොයා බැලිමේදි මොහු වසරක කාලයක් යුද හමුදාවෙන් පැන ආ සෙබලෙකු බව අනාවරණය කර ගැනිමෙන් පසු අධිකරණය වෙත ඉදිරිපත් කර ඇත.

මෙම සැකකරු ඉකුත් ශ්‍රී පාද වන්දනා සමයේදිද බිමත්ව අශෝභන ලෙස හැසිරිම හේතුවෙන් නල්ලතන්නිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අවවාද කර මුදාහැර ඇති අයෙකු බවත් මොහු වසරක පමණ කාලයක් තම නිවසටද නොයන අයෙකු බවට තහවුරු කර ගත් බව නල්ලතන්නිය පොලිසියේ ස්ථානාධීපති පොලිස් පරික්‍ෂක ලක්සිරි ප‍්‍රනාන්දු මහතා පැවසුහ.